ලොව ලොකුම මොළේ ගෙඩිය



31 හැවිරිදි ඉන්දියානු තරුණයකුගේ මොළෙයේ ගෙඩියක් ඉවත් කිරීමට ඉන්දීය ශල්‍ය වෛද්‍යවරු පසුගිය දා සමත් වූහ.

මෙම මොළයේ ගෙඩියේ බර කිලෝ ග්‍රෑම් 1.8 කි. වෛද්‍යවරුන් පවන්නේ ලොව විශාලතම මොළයේ ගෙඩිය මෙය බවය. ගෙඩිය ඉවත් කිරීමේ සැත්කම සිදු කර ඇත්තේ පසුගිය 14 වැනිදා යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සැත්කම සිදු කර ඇත්තේ මුම්බායි නුවර නාරී රෝහලේය. සැත්කම සඳහා පැය 7 ක කාලයක් ගත වී ඇති බවත් ක්ෂේත්‍ර ගණනාවක ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඊට සහභාගී වූ බවත් වාර්තා වේ.

සැත්කමින් පසු තරුණයා යහතින් සිටින බවත්, ඔහුට සුවය ලැබේවි යැයි බලාපොරොත්තු දල්වා ගැනීමට හැකි බවත් වෛද්‍යවරු කියා සිටිති. ගෙඩිය ඉවත් කිරීමෙන් පසු තරුණයා තාවකාලික අන්ධ භාවයට පත් වී ඇති බව ද පැවැසෙයි.

කෙසේ නමුත් කල් ගතවෙද්දී එම තත්ත්වය මඟහැරී යනු ඇති බව ද වෛද්‍යවරු කියති. සන්ත් ලාල් පාල් නමැති මෙම තරුණයා ඉන්දයාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියෙකි.

මොළයේ ගෙඩිය වර්ධනය වී ඇත්තේ මීට වසර තුනකට පෙරය. සැත්කම කිරීමට  වසර තුනක් තිස්සේ ඔහු එම ගෙඩිය සමඟ ජීවත් වුණැයි ද පැවැසෙයි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS