ලොව දිගින් වැඩිම පූසා: ඕමාර්



ඕමාර් එසේ මෙසේ පූස් තඩියෙක් නොවෙයි. ලොව දිගින් වැඩිම පූසා හැටියටයි ඕමාර් හැඳින්වෙන්නේ.

ඕමාර් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වන අතර ඔහුගේ හිමිකාරිය සෙටී හර්ස්ට්ය. ඇය කියන්නේ ඕමාර්ගේ දිග සෙ.මී. 120 ක් (අඩි 3 යි අගල් 11 ක්) කියාය.

අන්තර් ජාලය හරහා ඕමාර් ජනප්‍රිය වීමත් සමඟ ගිනස් ලෝක වාර්තා අතරට ඔහු එක් කිරීමට සෙටී හර්ස්ට් මේ වනවිට සූදානමින් සිටින්නීය.

මේ වනවිට ලොව දිගින් වැඩිම පූස් තඩියා ලෙස ගිනස් වාර්තා අතරරට එක් වී සිටින්නේ බටහිර යෝක්ෂයරයේ වේක්ෆීල්ඞ් හි මැරීන් කූන් නමැති පූසාය. මෙම පූසා සෙ.මී. 118 ක් දිගින් වැඩි යැයි ගිනස් වාර්තාවල සඳහන් වෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS