ලිංගික අධ්‍යාපනය ගැන ’ඇඩ්’ එකක්



ලිංගික අධ්‍යාපනය ගැනත්, මාපියන්ට හොරෙන් දරුවන් අන්තර් ජාලය අවභාවිතයට ගනිමින් අසැබි වීඩියෝ නැරඹීම සම්බන්ධයෙන් නිර්මාණය වූ  වීඩියෝ ප්‍රචාරක පටයක් ‍මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතී.

මෙම වීඩියෝ පටය නිර්මාණය කර ඇත්තේ නවසීලන්ත රජයයි. මෙම වීඩියෝවට අසැබි දසුන් සඳහා රංගනයෙන් එක්වන නළු නිළි යුවලක් එක් වී සිටිති.

වීඩියෝවෙන් දෙන පණිවුඩය වන්නේ ගැටවරවියට පා තබන දරුවන් සහ ඔවුන්ගේ අන්තර් ජාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාපියන් විමසිලිමත් විය යුතු බවත්, ස්වභාවිකව දරුවන් තුළ ඇති වන ලිංගික කුතුහලය සම්බන්ධයෙන්, මාපියන් දරුවන් සමග නිරන්තරයෙන් සහඳව කතාබහ කළ යුතු බවත්ය.

(බීබීසී)


RECOMMEND POSTS