රෝද දෙකේ ගමන



ත්‍රාසජනක ක්‍රියාවල යෙදීමට ප්‍රිය කරන සෞදි තරුණයන්, ඔවුන්ගේ  සැප එස්යූවී ජිප් රථ යොදා ගනිමින්, රෝද දෙකෙන් ගමන් කරමින් විනෝද වන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේල් ඔන්ලයින් වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර ඇත.

කාන්තාර පෙදෙස්වල මාර්ග පාළුවට ගොස් ඇති අතර ඒවායේ වාහන ධාවනය වන්නේ ඉතාමත් කලාතුරකිනි. එවැනි මාර්ග මෙම උද්වේගකාරී ත්‍රසජනක ක්‍රියාවල යෙදෙන තරුණයන්ගේ ක්‍රීඩා පිටි බවට පත් වී ඇතැයි මේල් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩි දුරටත් කියා සිටී.

දළදඬු නීතිරීතිවලින් පිරි සෞදියේ තරුණයන් මේ අයුරින් විනෝදජනක ක්‍රීඩාවල නියැලීම සම්බන්ධයෙන් ලොව බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී ඇත. මිල මුදලින් සැප වාහනවලින් අඩුවක් නැති සෞදි තරුණයන්, මෙම ත්‍රාසජනක ක්‍රියාවල යෙදෙන්නේ ඔවුන් සතු සුඛෝපබෝගී වාහන යොදා ගනිමිනි.

මෙසේ රෝද දෙකෙන් ධාවන කිරීම හැඳින්වෙන්නේ ‘සයිඞ්වෝල් ස්කීන්’ යන නමිනි. මෙය පළමුවෙන් ලොවට හඳුන්වා දී ඇත්තේ ඩෙන්මාර්කයයි. ඒ, 1964 වසරේදීය. 80 දශකයේ ලොව අතිශය ජනප්‍රිය නයිට් රයිඩර් කතා මාලාව හරහා ද ‘සයිඞ්වෝල් ස්කීන්’ ලොව ජනප්‍රිය විය.

(මේල් ඔන්ලයින්)

 


RECOMMEND POSTS