රෝද තුන රැකියාව අහිමි කරලා



සෞදි අරාබියේ ෆහද් රජු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන හෝසම් අල්-මෙල්හම් අධිවේගි මාර්ගයක ට්‍රයිසිකලයක් පැදීම හේතුවෙන් සේවයෙන් නෙරපා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ. 

සමාජ ජාල පරිශීලකයන් විශ්වවිද්‍යාල ආචාර්යවරයා ට්‍රයිසිකලය පැදයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇත.

බයිසිකල් භාවිතා කිරීම මාර්ග තදබදයට පිළියමක් බව බලධාරීන්ට පෙන්වාදීමට ආචාර්යවරයා ට්‍රයිසිකලය පැද ඇති බව වාර්තා වේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS