රියැදුරු නැති කාර්එක කාන්තාවක් යට කරලා



ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටෙම්පේ නගරයේ කාන්තාවක, රියැදුරු නොමැතිව තනියෙන් ධාවනය වන මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

මෙම මෝටර් රථය ඇමෙරිකාවේත් කැනඩාවේත් රියැදුරන් නොමැති තනියෙන් යා හැකි මෝටර් රථ නිෂ්පාදනයේ පුරෝගාමියා වන ‘ඌබර්’ සමාගමට අයත් එකකි. අනතුරින් පසු, මෝටර් රථ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවත්වා දමා සිදුවුණේ කුමක්දැයි සොයා බලනවා යැයි ඌබර් සමාගම පවසා ඇත.

රියැදුරන් නොමැතිව තනිවම ධාවනය වන මෝටර් රථ අද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අතිශය ජනප්‍රියය. ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් රියැදුරන් නැති මෝටර් රථ, ට්‍රක් රථ පමණක් නොව මෝටර් සයිකල් පවා නිපදවීම සිදු කරයි.

මෝටර් රථ රියැදුරන් නොමැතිව ධාවනය වන්නේ ඒවායේ ඇති පරිගණක පද්ධතිය ආධාරයෙනි. චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් සහ සන්වේදක යොදා ගනිමින් මඟ සොයාගෙන, බාධක මඟ හැර මෝටර් රථ ධාවනය වීම සිදුවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS