රැප් කියන නගරාධිපති අපේක්ෂකයා



ඡන්ද දායකයින් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස  නගරාධිපති අපේක්ෂකයෙකු විසින් රැප් වීඩියෝවක් යොදාගෙන ඇති පුවතක් තායිවානයෙන් වාර්තා වේ.

ඒ එතායිවානයේ නගරාධිපති අපේෂක කෝ වෙන් ජේ නැමැත්තා ය.ඔහු දෙවන වරටත් තායිපේ අගනුවර නගරාධිපති අපේක්ෂකයා ලෙස තේරී පත්වීමේ අපේක්ෂාවෙන් පසුවනබව වාර්තා වේ.

මෙවැනි  ගීතමය වීඩියෝවක් ඡන්ද දායකයින් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස යොදා ගැනීම ඉතාමත් අසාමාන්‍ය සහ අවදානම් සහගත ක්‍රියාවක් බව විචාරක මතයයි.තායිවානයේ ප්‍රාදේශිය මැතිවරණ පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ මස අවසානයේදී බව සඳහන් වේ.

වෛද්‍ය වෘත්තියෙන් දේශපාලනයට පිවිසි  59 හැවිරිදි කෝ වෙන් ජේ (Ko Wen-je) පෙනී සිටින ඩූ ද රයිට් තින්ග් ("Do the right thing, do things right" ) ගීතමය වීඩියෝවට සංගීතමය දායකත්වය සපයන්නේ  තායිවාන රැප් ගායන ශිල්පියෙකු වන චන්යන්  විසින්.

ඔක්තෝබර් මස 27 වැනිදා එළිදක්වා ඇති මෙම වීඩියෝව සතියක් තුළ  යූ ටියුබ් ඔස්සේ  නරඹා ඇති සංඛ්‍යාව  මිලියන 1.4ක්.කෝ වෙන් ජේ ඡන්ද දායකයින් අතර අතිශය ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස සැළකෙන අතර ඔහු තායිවාන ජනාධිපතිවරණයේද අපේක්ෂකයෙකු විය හැකි බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.2020 තායිවාන ජනාධිපතිවරණය සඳහා උත්තේජනයක් ලෙස එරට ප්‍රාදේශීය මැතිවරණ සැළකේ.

( තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS