රැජිනගේ හංසයන්ට කුරුලු උණ



බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ වින්ඞ්සෝර් මාලිගයේ උද්‍යානයේ වෙසෙන හංසයන්ගෙන් හංසයන් හත් දෙනකු කුරුලු උණ රෝගය වැළැඳී මියගොස් ඇතැයි වාර්තා වේ.

රැජිනගේ වින්ඞ්සෝර් මාලිගයේ පක්ෂීහු රැසක් වාසය කරති. ඒ අතරින් දස දෙනකුගෙන් සමන්විත හංස රංචුව කැපී පෙනෙයි.

රජ මාලිගය පවසන අන්දමට ඉතිරි හංසයින් තිදෙනාගෙන් එකකු ද කුරුලු උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රාජකීය පශු වෛද්‍යවරුන් පවසා ඇති බව ද වින්ඞ්සෝර් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වී ඇත.

කුරුලු උණ රෝගය රැජිනගේ උද්‍යානයේ සෙසු පක්ෂීන්ට ද පැතිර යෑමේ අවදානමක් ඇති බවත්, සියලුම පක්ෂීන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.

(ඬේලිමේල්)


RECOMMEND POSTS