යාචකයන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්



ඉන්දියාවේ පූනේ නගරයේ යාචකයන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරයකු ගැන ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

අභිජීත් සොනවානේ නමැති මෙම වෛද්‍යවරයා මෙසේ යාචකයන්ගේ සුවදුක් විමසා ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සිදු කරන්නේ වසර කිහිපයක පටන්ය.

ඔහු පූනේ නගරයේ වීදි සංචාරයේ යෙදෙන්නේ යතුරු පැදියක ආධාරයෙන් ‘යාචකයන්ට ප්‍රතිකාර කරනු ලැබේ’ යන්න සටහන් කළ වෛද්‍ය කබායකින් සැරැසී සිටිමිනි.

අභිජීත් සොනවානේ පූනේ මහ රෝහලේ වෛද්‍යවරයෙකි. ඔහු යාචකයන් ගැන සොයා බලා ප්‍රතිකාර අවශ්‍ය අයට ප්‍රතිකාර ලබා දීම සිදු කරන්නේ සතියට දින තුනකි. අසාධ්‍ය තත්ත්වයේ සිටින පිරිස් හඳුනාගෙන ඔවුන් තම වාට්ටුවට ඇතුළත් කිරීම ද අභිජීත් විසින් සිදු කරනු ලබයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS