මුඛ වාඩම් එක්ක මඟුල්



දකුණු කොරියාවේ ක්‍රිස්තියානි දේවස්ථානයක සමූහ මංගල උත්සවයක් පැවැත්වුණු අතර, යුවල 6,000 ක් එහිදී අතිනත ගත් බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

මංගල උත්සවයේ විශේෂත්වය වූයේ චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වයිරසය හේතුවෙන්, යුවල 6,000 මුඛ වාඩම්වලින් සැරැසී පැමිණ සිටීමය.

වයිරසය හේතුවෙන් මනාල මනාලියන් කිසිවකු සිප ගැනීම් නොකළ බවත් මංගල උත්සවය ඉතා චාමෙට අමුත්තන් කීප දෙනකුගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්විණි.

එපමණක් නොව, දේවස්ථානය පුරා කොරෝනා වයිරස රෝගීන් සිටී නම් හඳුනා ගැනීමට සිරුරේ උෂ්ණත්වයේ වෙනස්කම් සොයන යන්ත්‍ර සහ පරිගණක තිර සවි කිරීමට සංවිධායකයන්ට සිදුවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS