මැදිරියට වතුර දාලා



උතුරු කැරොලයිනාවේ නිව් බර්න් නගරයේ රූපවාහිනී පුවත් නාලිකාවක් සජීවී ලෙස ‘ෆ්ලොරෙන්ස්’ සුළි කුණාටුව ගැන අනතුරු අඟවමින් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී, හදිසියේ හටගත් ජල ගැලීමකින් ප‍්‍රවෘත්ති මැදිරිය ජලයෙන් යටවිය.

එම අවස්ථාවේ කාලගුණ පුවත් ගෙන ආවේ පුවත් නාළිකාවේ කාලගුණ විද්‍යා කටයුතු සම්බන්ධ ඩොනී කොක්ස්ය. ඔහු සුළි කුණාටුවේ ප‍්‍රචණ්ඩත්වය විස්තර කරන්න වූයේ එහි චන්ද්‍රිකා ඡුායාරූප පෙන්වමිනි.

‘සුළි කුණාටුවත් ඇද හැලෙන මහ වැසි ගැනත් කියමින්, හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි යැයි ද ඩොනී කොක්ස් අනතුරු ඇඟවීම් කරන්න විය. අනපේක්ෂිත අයුරින් ප‍්‍රවෘත්ති මැදිරිය ජලයෙන් යට වුණේ එම අවස්ථාවේදීය.

එවිට ඩොනී කොක්ස් පමණක් නොව, ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටි නිවේදක නිවේදිකාවන්, කැමරා ශිල්පීන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නවතා මැදිරියෙන් පිටවුණැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS