මයික් පෙන්ස්ට මැස්සෙක් කරදර කරලා



උප ජනාධිපති ධුරයට තරග වදින අපේක්ෂකයන් දෙදෙනා වන මයික් පෙන්ස් සහ කමලා හැරිස් අතරේ සජීවී විවාදය පැවැත්වෙද්දී, මයික් පෙන්ස්ට මැස්සකුගෙන් බාධා එල්ල විය.

මැස්සා මයික් පෙන්ස්ගේ සිරුරේ වසමින්, ඔහුගේ කතාවට බාධා කරන්න වූයේ විවාදය ආරම්භ වී මිනිත්තු කීපයක් ගත වෙද්දීය. එක් අවස්ථාවක මැස්සා මිනිත්තු දෙකක කාලයක් පෙන්ස්ගේ සුදු පැහැති කොණ්ඩයේ වසා සිටියේය.

විවාදය සජීවී නැරැඹූ බොහෝ දෙනාටගේ අවදානය ඊට යොමු විය. විවාදයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ද පෙන්ස්ට මැස්සාගෙන් එල්ල වූ අකරතැබ්බ ගැන කතාබහක් ඇති විය. විවාදයෙන් ජයග්‍රහණය කළේ පෙන්ස් හෝ කමලා හැරිස් හෝ නොව එම නිල මැස්සා යැයි බොහෝ දෙනාගේ අදහස විය.

සෝල්ට්ලේක් සිටීහිදීය (රොයිටර්)


RECOMMEND POSTS