මදුරුවන් ගෙන්වා ගැනේ



මදුරුවන් පළවා හැරීම වෙනුවට, අප‍්‍රිකාවට අයත් බුර්කිනා ෆාර්සෝ රාජ්‍යයේ ගම්මානවලින් මදුරුවන් ගෙනැවිත් දැමීමේ වැඩසටහනක් එරට සෞඛ්‍ය අමත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ ඇත.

බුර්කිනා ෆාසෝ ගම්මානවලට මුදා හැරීම සිදු කර ඇත්තේ ජාන වෙනස් කරමින් නිර්මාණය කර නව මදුරු විශේෂයකි. බුර්කිනා ෆාසෝ මැලේරියාව ඉහවහා ගිය අපි‍්‍රකා රාජ්‍යයකි.

ජාන වෙනස් කළ මෙම නව මදුරු විශේෂය යොදා ගැනෙන්නේ මැලේරියාව පතුරුවන මදුරුවන් විනාශ කිරීමටය. අප‍්‍රිකා රටක මේ අයුරින් ජාන වෙනස් කළ මදුරුවන් යොදා ගත් පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS