මඟුල් පෙරහැරෙන් උසාවියට



සෞදි අරාබියේ මඩීනා නුවර මාර්ගයක මංගල යුවලක් රැගත් මඟුල් පෙරහැරක් රථ වාහනවලට අවහිර වන ආකාරයෙන් ගමන් කිරීම හේතුවෙන් මංගල යුවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞදි බලධාරීන් කටයුතු කර ඇති බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය.

අධි-සුබෝපභෝගි වාහන, අශ්වයින් සහ අලංකාරවත් ආකාරයෙන් සරසන ලද වාහන මඟුල් පෙරහැරේ ගමන් කර ඇත.

මාර්ග තදබදය ඇතිවන ආකාරයෙන් ක්‍රියාකරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞදි රථවාහන අධ්‍යක්ෂ,කර්නල් සලා අල්-ජබීර් සෙයිඩ් ප්‍රකාශ කළේය

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS