බළලෙකු බේරාගත් වීරයෝ



එක්සත් අරාබි එමීර් රාජයේ සාජා ගුවන්තොටුපොළ අසල මාර්ගයක අධික රථවාහන තදබදයක් ඇති අවස්ථාවකදී එමිරාටි වැසියන් දෙදෙනෙකු විසින් එමම මාර්ගයේ එහෙ මෙහේ දිවයමින් සිටි බළලෙකු ගේ දිවි බේරා ගැනීමේ පුවතක් වාර්තාවේ

සාජා ගුවන්තොටුපළ ආසන්නයේ ඇති මෙදියාන් මාර්ගයේ දී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර බළලා වාහන වලට හසුවීමී වලක්වමින් ඔවුන් දෙදෙනා ඔවුන් ගේ බේස්බෝල් හිස් වැසුම් භාවිතයෙන් එම සතා අල්ලා ගැනීමට  අවස්ථා කිහිපකදීම දැඩි පරිශ්‍රමයක් දක්වා ඇත.අවසානයේ ඔවුන්ගේ උත්සාහ සාර්ථක වී ඇත.

එමිරාටි වැසියන් දෙදෙනා සිය දිවි නොතකා එම මාර්ග  තදබදයක් පවතින අවස්ථාවේ බළළාගේ ජීවිතය බේරා ගන්නා අයුරැ දැක්වෙන වීඩීයෝව මේ වනවිට ට්විටර් ,යූ ටියුබ් , ඉන්ස්ට්‍රග්‍රෑම් යන සමාජ ජාල වලට මුදා හැර තිබෙන අතර  මැදපෙරදිග සමාජ ජාල සේවා පරිශීලකයින් ගෙන් ඊට ලැබී ඇත්තේ ඉතා ප්‍රශංසාත්මක ප්‍රතිචාරයන්ය.ඇතැම් අය එම ක්‍රියාව දැඩි අනතුරු දායක ක්‍රියාවක් බව ප්‍රකාශ කර සිටින අතර එවැනි සතුන් කාර්ය බහුල මාර්ග වලට පැමිණීම වළක්වාලීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු බව අගවා ඇත.

කෙසේ වෙතත් එමීර් රාජ්‍ය යේ නිවැසියන් සුරතලයට ඇති කරන බළලුන් බොහෝ දෙනෙකු එම නිවාස වලින් පැන ඇවිත් මාර්ගයන් හි ඉබාගාතයේ සැරිසැරීම දැන් එරට සුලබ දසුනක් වී ඇත.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS