බල්ලෝ දෙන්නෙක් තෑගි



හොඳ හිත වර්ධනය කර ගැනීමක් ලෙස, උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට, උතුරු කොරියාවට පමණක් ආවේණික සුනඛයන් දෙදෙනකු තෑගි වශයෙන් ලැබීමට නියමිත බව වාර්තා වේ.

දකුණු කොරියා ජනාධිපතිවරයාට තෑගි වශයෙන් ලැබෙනු ඇත්තේ උතුරු කොරියාවේ ‘පුන්ග්සාන්’ වර්ගයේ උසස් දඩයම් සුනඛයන් දෙදෙනෙකි. සුනඛයන් දෙදෙනා ලබන 4 වැනිදා, සෝල් අගනුවර පිහිටි දකුණු කොරියා ජනාධිපති මන්දිරය වන ‘චියොංග් වා දේ’ බලා ගෙනෙනු ඇතැයි ද පැවැසෙයි. ඒ, දේශසීමාවේ පිහිටි සාම ගම්මානයේ දී උතුරු කොරියා බලධාරීන් විසින් දකුණු කොරියා බලධාරීන් වෙත සුනඛයන් ලබා දීමෙන් පසුවය.

මේ වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යහපත් සබඳතා පවතී. මීට සතියකට පමණ පෙර, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ආරාධනාව පරිදි, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, බිරිඳ ඇතුළු නියෝජිතයෝ පිරිසක් උතුරු කොරියාවේ තෙදින නිල සංචාරයක යෙදුණාහ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS