බර අඩු කරගන්න අභියෝගයක්



බර අඩු කර ගැනීමේ තරගයකට සහභාගී වෙන්නැයි පැසිෆික් සාගරයේ පිහිටි ටොන්ගාන් දූපත් රාජ්‍යයේ ජනාධිපති අකිලීසි පොහීවා, අසල්වැසි සෙසු දූපත් රාජ්‍යවල ජනාධිපතිවරුන්ට අභියෝග කර ඇතැයි වාර්තා වේ.

ටොන්ගාන් යනු පොලිනීෂියානු දූපත් රාජ්‍යයකි. මෙම දූපත් රාජ්‍යය තවත් දූපත් රාජ්‍ය පොකුරකට අයත් එකකි. ජනාධිපති අකිලීසි පොහීවා සේම, සෙසු දූපත්වල ජනපතිවරුන් සියලුම දෙනා ස්ථුලභාවයෙන් පෙළෙන බව පැවැසෙයි.

එහෙයින්, වසරක් ඇතුළත බර අඩු ජනපති තේරීමේ තරගයක් පැවැත්වීමට ජනාධිපති අකිලීසි පොහීවා යෝජනා කර තිබේ. සෙසු දූපත්වල ජනපතිවරුන් ද එම අභියෝගය බාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බව විදෙස් පුවත් සේාවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS