බඩේ කලලයක්



ඕමානයේ මාස හතරක දරුවෙක්ගේ උදරය තුල තිබු කළලයක් සාර්ථකව ඉවත් කිරීමට මස්කට් නුවර රාජකීය ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී ඇති බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

දරුවාගේ උදරය තුල පිළිකා ගෙඩියක් ඇති බවට මුලින්ම වෛද්‍යවරු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මොහොමඩ් බින් ජයෆාර් අල් සජ්වානිගේ උපදෙස් මත ශල්‍යකර්මය සිදුකර ඇති අතර ශල්‍ය වෛද්‍ය, මොහොමඩ් අල්-මෙට්වලි සහයෝගය ලබාදී ඇත.

පැය තුනක ශල්‍ය කර්මයකින් පසු කලලය ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වී ඇති අතර දින තුනකට පසු දරුවා රෝහලෙන් පිටව ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS