පොඩ්ඩා බැටරියක් ගිලලා



වයස අවුරුදු දෙකක සෞදි දරුවකු සෙල්ලම් කරමින් සිටි සෙල්ලම් බඩුවක තිබු බැටරියක් නොදැණුවත්ව ගිලීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

හුස්ම ගැනිමේ අපහසුතාවයකින් පෙළෙන නිසා දෙමාපියන්  දරුවාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර පරීක්ෂා කර බැලීමේදි ශ්වසන මාර්ගයේ බැටරියක් සිර වී ඇති බව වෛද්‍යවරු හඳුනාගෙන ඇත.

දැඩි පරිශ්‍රමයකින් පසු දරුවාගේ ශ්වසන මාර්ගයට හානියක් නොවන ආකාරයෙන් බැටරිය ඉවත් කිරීමට ශල්‍ය වෛද්‍යවරුන් සමත් වී ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS