පුටින් ගැනත් බාබා වැන්ගා අනාවැකි කියලා



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

‘රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයෙකු වෙනවා’ යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසරේදීය.

බාබා වැනන්ගා බල්ගේරියානු ජාතික කාන්තාවකි. මැය අන්ධ තැනැත්තියකි. බාබා වැන්ගා මියගියේ 1996 වසරේය. මියයද්දී ඇය 85 හැවිරිදි වියෙහි පසුවූවාය.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය ඇතුූ මුළු ලෝකයටම බලපෑම් වන ආකාරයේ වැදගත් සිදුවීම් රැසක් පිළිබඳ බාබා වැන්ගා ඉතා නිවැරදිව අනාවැකි පළ කර තිබේ.

(ඩෙකෑන් ක්‍රොනිකල්ස්)


RECOMMEND POSTS