පිළිකා ගෙඩි 191 ඉවත් කරලා



ඕමාන කාන්තාවකගේ ගර්භාෂයේ තිබු පිළිකා ගෙඩි 191ක් පැය 4ක සංකීර්ණ ශල්‍යකර්මයකින් ඉවත් කර ගිනස් ලෝක වාර්තාවක් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ස්ටාර් කෙයා රෝහලේ ශළ්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් පිහිටුවා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඊජිප්තු කාන්තාවකගේ පිළිකා ගෙඩි 186ක් ඉවත් කර ගිනස් ලෝක වාර්තාවක් මීට කලින් පිහිටුවා තිබුණි.

සංකීර්ණ ශල්‍යකර්මයෙන් පසු නැවත දරුවන් පිළිසිද ගැනීමට හැකි වන ආකාරයෙන් ගර්භාෂය සකස් කිරීමට ශල්‍ය වෛද්‍යවරුන් කටයුතු කළ බව වාර්තා වේ.

දින දෙකක් ඇතුළතදී ඕමාන කාන්තාවට රෝහලෙන් පිටවී ගිය හැකි බවත් ඉන්දියාවේදි ඉවත් කරන ලද වැඩිම පිළිකා ගෙඩි ගණන ලෙස වාර්තා වී තිබුණේ ගෙඩි 84ක් බව රෝහල් ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS