පැයෙන් ඉවර වූ පවුම් ලක්ෂ දෙක



පවුම් ලක්ෂ දෙකක (රුපියල් මිලියන 40 ආසන්න) වටිනාකමින් යුත් අලුත්ම ෆෙරාරි මෝටර් රථයක් මිලදී ගෙන පැයක් ගත වෙත්ම අනතුරට ලක් වීමේ පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.

අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් පිටතට පැන අනතුරට ලක්ව තිබේ.

බ්‍රහස්පතින්දා (ජුලි 27) සවස සවුත් යෝක්ෂයර් ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමත් සමග Ferrari 430 Scuderia වර්ගයේ රථය ගිනි ගෙන විනාශ විය.

තෙත්වූ මාර්ගයේ මෝටර් රථය "පියාසර කර ඇති ආකාරය" පොලිසිය විසින් විස්තර කරනු ලැබීය. රියදුරා කැපීම් සහ සීරීම් තුවාල ලබා තිබේ

මාර්ගයෙන් පිටතට පැන ඉවුරකින් මීටර 50 පෙරළී අනතුරට පත් රථයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් කැඳවා ඇත.

සිය නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් පළ කරමින් සවුත් යෝක්ෂයර් පොලිසිය කියා සිටියේ " කුමන වර්ගයේ මෝටර් රථයක් ද ඔබට තිබුණේ කියලා පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළ විට, ඒක ෆෙරාරි එකක් යනුවෙන් ඔහු පිළිතුරු දුන්නා" යනුවෙනි.

"මම මේක මිල දී ගත්ත විතරයි. පැයකට කළින් අරන් ආවේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS