පැන්න දෙකක් අල්ලයි



ඩුබායි නගරයේ පිහිටා ඇති ඇලකට ජීවිත අවධානම නොතකමින් පැන්න තරුණයන් දෙදෙනෙක්සහ පනින ආකාර විඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඇළට පනිනවිඩියෝව සමාජ ජාල වෙබ් අඩවියකට එක්කිරීමට තරුණයන් කටයුතු කර ඇති අතර අදාල විඩියෝව ඩුබායි පොලීසිය නැරඹීමෙන් පසු තරුණයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සවිකර ඇති අනතුරු ඇඟවීමේ සංඥා නොතකමින් ඇළටපැන්න තරුණයන් දෙදෙනාසහ විඩියෝ කළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ඩුබායි පොලිස් අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් අබ්දුල්ලා කඩිම් බින් සොරූර් ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS