පාරේ පිස්සු නටලා



සෞදි අරාබියේ මඩීනා නුවර අධිවේගි මාර්ගයක ගමන් ගන්නා වාහනවලට පනින බවට බොරුවට අඟවමින් රියදුරන් අපහසුතාවයට පත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සෞදි පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණ අධිවේගි මාර්ගයේ මෝටර් රථය නවතා මෝටර් රථයේ උඩට නැඟ සිංදු කියමින් නටන අතර අධිවේගි මාර්ගයේ වේගයෙන් පැමිණෙන ට්‍රක්රථයකට පැනීමට උත්සහ කරයි.ට්‍රක්රථ රියදුරා මහත් පරිශ්‍රමයක් දරා ඔහුව මඟහැරීමට උත්සහ දරන අතර මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් සිද්ධිය වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇත.

අදාල විඩියෝව අන්තර්ජාලය තුල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS