පාප්තුමා හමුවන්න යද්දී පනින්න හදලා



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවීමට අවස්ථාව උදා වුණු රැඳෙවියන් දෙදෙනකු, බන්ධනාගාර බලධාරීන්ගෙන් මිදී පලා යෑමට උත්සහ ගෙන ඇතැයි රෝමයෙන් වාර්තා වෙයි.

මෙම රැඳෙවියන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවලට වරදකරුවන් වී, සිර දඬුවම් විදින අය යැයි ද වාර්තා වේ.

තෝරා ගත් සිරකරුවන් පාප් තුමන් හමුවට ඉදිරිපත් කිරීම නිරන්තරයෙන් සිදුවෙයි. එහිදී බොහෝ දෙනා ඔවුන්ගේ පව් පාපොච්චාරණය කරන අතර, පාප්තුමන් දේවාශිර්වාදය ලබා දෙයි.

බන්ධනාගාර නිලධාරීන් පවසන අන්දමට මෙම රැඳෙවියන් දෙදෙනා පලා යෑමට උත්සාහ ගෙන ඇත්තේ බොලොන්ගා නුවරදී පාප්තුමන් හමුවට ඉදිරිපත් කිරීමට පෙර බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS