පස් නිවුන් දරුවන් බිහිකරලා



සෞදි අරාබියේ අල්-ආහ්සා පලාතේ රෝහලක පස්නිවුන් දරු උපතක් සිදු වී ඇති බව වාර්තා වේ.

පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙක් බිහි කර ඇති අතර දරුවන් පස් දෙනා කිලෝග්‍රෑම් 1 සිට 1.195 බරකින් යුත්ත වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතෘ වාට්ටුවේ වෛද්‍යවරු තිහක් (30) සහ පරිපූරක වෛද්‍යවරු හතළිස් පහක් (45) සිසේරියන් සැත්කම සාර්ථක කරගැනීම සඳහා සහභාගි වී ඇත.

මව සහ දරුවන් පස්දෙනා වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS