නායක කිම් ජොන් උන්ට ජනපති ඩුටරේට්ස් හමුවෙලා



උතුරු කොරියා නායක කිම්ජොන් උන් ට සහ පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස් ට පෙනුමින් සමාන සහ කිම් ජොන් උන් සහ ඩුටරේට්ස් සේ රඟපාන නළුවන් දෙදෙනෙක් මේ වනවිට පුවත් මවන්න සමත් වී සිටිති.

මොවුන් දෙදෙනා දැකිය හැක්කේ හොංකොංහිදීය.

කිම් ජොන් උන් ට සමාන පෙනුමක් ඇත්තේ හවර්ඞ් එක්ස් නමැති නළුවාටය. ඩුටරේට්ස්ට සමානකම් දක්වන්නේ ක්‍රෙස්නිකෝ යන නමින් හැඳින්වෙන නළුවාටය.

දෙදෙනා හොංකොං වැසියන් අතරේ ගැවසෙමින්, කේඑෆ්සී  අවහ්නහලකට ගොඩ වැදී ආහාර රස බලමින් පසුගිය දා විනෝද වූ අයුරු සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS