නයි නටවන්නට නයා ගහලා



මැලේසියානුවන් අතරේ අතිශය ජනප්‍රිය නයි නටවන්නා අබු සරීන් හුසේන් නාගයකුගේ දෂ්ටනයෙන් මියගොස් ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර තිබේ.

33 හැවිරිදි හුසේන්ගේ සුරතලුන් වන්නේ ද උග්‍ර විස නාගයන්ය. ඔහු නිවසේ සිටිද්දී ද නාගයන් වට කර ගෙන සිටී.

හුසේන් ව්‍යායාම සඳහා ශරීර සුවතා මධ්‍යස්ථානයට යන්නේත්, නිවසේ පරිගණකයෙන් වැඩ කටයුතු කරන්නේත් සුරතල් නාගයන් සමඟය. ඔහු විස නාගයන් සිප ගැනීම ද කරයි. හුසේන්ගේ මෙම ‘නයි නැටවිලි’ මැලේසියානුවන් අතරේ පමණක් නොව විදේශිකයන් අතරේ ද ජනප්‍රිය යැයි පැවැසෙයි.

හුසේන් සහ නාගයන් අතරේ විශේෂ සබඳතාවක් පවතින බවත් ඔහුට නායගයන් කීකරු බවත් මාධ්‍ය විසින් පෙන්වා දී තිබුණි. හුසේන් නාග දෂ්ටනයට ලක්වුණැයි පැවැසෙන්නේ පසුගිය සිකුරාදා දිනයේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS