ධවල මන්දිරයේ වහලෙන් මීයෙක් වැටිලා



ඇමෙරිකාවේ ජනපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙද්දී, සිවිලිමේ සිදුරකින් මීයකු මාධ්‍යවේදීන් අතරට වැටී ඇති බවත්, එයින් මාධ්‍යවේදීන් පමණක් නොව, ධවල මන්දිර කාර්ය මණ්ඩලය ද මහත් සේ කලබලයට පත් වුණු බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

මීයා වැටී ඇත්තේ එන්.බී.සී. පුවත් නාලිකාවේ මාධ්‍යවේදී පීටර් ඇලෙක්සැන්ඩර්ගේ උකුලටය. පීටර් ඇලෙක්සැන්ඩර්, එන්.බී.සී. නාලිකාව වෙනුවෙන් ධවල මන්දිරයට අනුයුක්තව සේවය කරන මාධ්‍යවේදියෙකි.

ධවල මන්දිරයේ මීයන් වාසය කරන බවත් උන් මර්දනය කිරීමට ගත් උත්සාහය සාර්ථක වී නැති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. මීයන් පමණක් නොව, ධවල මන්දිරයේ වේයන් සහ කැරපොත්තන් ද සිටින බව ජනපති ට්‍රම්ප් පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS