දේදුන්නක් ලෝක වාර්තාවක් තියලා



තායිවානයේ තායිපේ අගනුවර පසුගිය දා දේදුන්නක් පායා තිබුණු අතර, එම දේදුන්න පැය 9 ක් තිස්සේ පැහැදිලිව දකින්න ලැබුණු බවත්, දේදුන්නක් මේ ආකාරයකට වැඩිම වේලාවක් දිස්වුණු පළමු අවස්ථාව මෙය බවත් කාලගුණ විද්‍යා නිලධාරීහු කියති.

උදෑසන 7 ට පමණ පෙනෙන්න පටන් ගත් මෙම දේදුන්න සවස 4 තෙක් පැවැති බවත්, ඉන්පසු සෙමින් සෙමින් නොපෙනී ගිය බවත් තායිවාන වැසියෝ පවසති.

ඒ අනුව වැඩිම වේලාවක් පැවැති දේදුන්න මෙය යැයි ද පැවැසෙයි. මාධ්‍ය වාර්තා පවසන පරිදි මීට පෙර, මේ අයුරින් වැඩිම වේලාවක් දේදුන්නක් දිස්වූයේ  1994 වසරේ එක්සත් රාජධානියේ ෂෙෆීල්ඞ් පළාතටය.

දේදුන්නක් ඇති වන්නේ, වාතයේ තෙතමනය සහ ජල අංශු ඇති විට හිරු එළිය ඒ හරහා වැටීමෙනි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS