දෙඹකරයක් කඩාවැටෙයි



අබුඩාබි නගරයේ ඉදිකරමින් තිබු ගොඩනැගිල්ලක විශාල දෙඹකරයක් කඩාවැටීමෙන් අසල නවතා තිබු මෝටර් රථ හතකට බරපතල හානි සිදු වී ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවත් මෝටර් රථ හතකට බරපතල හානි සිදු වී ඇති බව අඩුබාබි සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් මයුෆ් කෙට්බි ප්‍රකාශ කළේය.

දෙඹකරය කඩාවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.  

ගොඩනැගිලි ඉදිකරන වැඩබිම් අසලින් ගමන් කරන අවස්ථාවන්වලදි වඩාත් පරීක්ෂාකාරී වන ලෙසත් අදාල සමාගම් මහජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS