දෙබරා ගිල්ල ජනපති



මාධ්‍යවේදීන් සමඟ කතාබහ කරමින් සිටිද්දී කොස්ටා රීකා රාජ්‍යයේ ජනපති ලුවීස් ග්විලාර්මෝ දෙබරකු ගිලින අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට අන්තර් ජාල පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී. එය ලොව සැමගේ අවධානයට ලක් වී අවසන්ය.

ජනපතිවරයා මාධ්‍යවේදීන් සමඟ කතාබහ කරමින් සිටිද්දී දෙබරා ජනපතිගේ මුහුණට ළංවී කැරැකෙමින් බාධා කරන්න විය. අවසානයේ දී ජනපතිගේ කට ඇතුළට දෙබරා රිංගන අතර, මාධ්‍යවේදීන් සමඟ කතා කරමින් සිටිද්දීම ජනපති ඌ ගිල දමයි.

එය රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේත් ජනපතිවරයාගේත් අසල සිටි සැමගේත් මුවට සිනහවක් එක් කිරීමට හේතුවක් වන අතර, ‘ඔන්න මං ඒ කරදරකාරයා ගිල්ලා’ යැයි සිහනා වෙමින්, ජනපති ලුවීස් ග්විලාර්මෝ වතුර උගුරක් ද පානය කරයි.

(ඬේලිමේල් ඇසුරිනි)

http://video.dailymail.co.uk/video/mol/2017/06/19/8914595410170957010/640x360_MP4_8914595410170957010.mp4


RECOMMEND POSTS