දුරකථන ඇමතුම්වලින් විවාහ වෙයි



වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහය සිදුකළ යුවලක් පිළිබඳව ඉන්දියාවේ මහරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවතපත වාර්තා කර සිටී.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාර්තු 24 වන දා සිට අප්‍රේල් 15වන දා තෙක් රට වසා දැමීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේය.ඒ අනුව රට ජනතාවට මෙම කාලසීමාව තුලදී සමූහ වශයෙන් එක්රැස් වීමට හෝ පෞද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවසර හිමිවූයේ නැත.

මෙවැනි පසුබිමක විවාහ දිවියට පත්වූ  මෙම යුවළ එරට මුස්ලිම්  ජාතිකයක් වන මේ යුවළ වීඩියෝ ඇමතුමක් ඔස්සේ විවාහය සිදුකර තිබුණි.සියළුම චාරිත්‍ර වීඩියෝ ඇමතුම ඔස්සේ සිදුකර ඇත.

රට අකර්මණ්‍ය කිරීමට පෙර ඔවුන් විවාහය සඳහා දිනය නියම කරගෙන තිබූ අතර අමුත්තන් සඳහා ආරාධනාපත් යවා තිබුණි.

කෙසේ වෙතත් රට අකර්මණ්‍ය කිරීමෙන් ඔවුන්ගේ සියළු සැලසුම් බිඳවැටී ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස විවාහය සිදුකර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS