දුප්පත් නිසා ගස්වල කොළ කන පාකිස්තානුවෙක්



දිළිඳුකම නිසා වසර 25 ක් තිස්සේ ගස්වල කොළ සහ පොතු අමුවෙන් ආහාරයට ගැනීමට පෙළඹුණු පාකිස්තාන ජාතිකයකු ගැන ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙහ්මුද් බුට් නමැති 50 හැවිරිදි මෙම පාකිස්තානුවා පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුජ්රන්වාලා නමැති ගම්මානයේ දිළිඳු වැසියෙකි.

මොහු ගස්වල කොළ සහ පොතු අමුවෙන් ආහාරයට ගැනීමට පෙළෙඹී ඇත්තේ දිළිඳුකම නිසාය. අද වනවිට තමා  ඊට හොඳින් හුරු වී ඇති බවත් එම නිසාම වසර ගණනාවකින් තමාට කිසිදු රෝගයක් වැළැඳී නැති බවත් මෙහ්මුද් බුට් පවසා ඇත.

‘හිඟමන් යදිමින් මුදල් සොයා ආහාර සොයා ගන්න මගේ හිත මට ඉඩ දුන්නේ නැහැ. ගස්වල පොතු සහ කොළ කෑමට යොමුවුණේ එහෙයින්. ඒක පුරුද්දක් වුණා. තවමත් ඒක අතහරින්න මට හැකියාව ලැබිලා නැහැ.’ යැයි මෙහ්මුද් බුට් අදහස් දක්වමින් කියා සිටී.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS