දිවිනසාගත් පවුලක්



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර එකම පවුලක සාමාජිකයන් 11 දෙනකු අබිරහස් ලෙස මියයෑම් සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

පවුලේ සාමාජිකයන් 11 දෙනාගෙන් 10 දෙනකු නිවසේ ගෙල වැලළාගෙන මියගොස් සිටි බව පැවැසෙයි. 77 හැවිරිදි මහලු කාන්තාවක මියගොස් ඇත්තේ ඇගේ කාමරයේය.

මෙම පිරිස කිසියම් ගුප්ත ඇදහිල්ලකට අනුව, මෙසේ දිවි නසා ගන්න ඇතිදැයි සැකයක් පවතී. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව නවදිල්ලි පොලිසිය කියයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS