දිගම පාද නිරූපිකාව ලෝක වාර්තා අතරට



මීටර් 1.32 ක් (සෙ.මී. 132) දිග පාද සහිත රුසියානු නිරූපිකා එක්ටරීනා ලිසිනා දෙවැනි වරටත් ගිනස් වාර්තා අතරට එක් වූ බව ගිනස් කමිටුව නිවේදනය කරයි. ඒ, දිගම පාද සහිත නිරූපිකාව ලෙසිනි.

29 හැවිරිදි වෘත්තීය නිරූපිකාවක වන එක්ටරීනා අඩි 6 අගල් 8.77 ක් උසය. ඇය මීට පෙර ගිනස් වාර්තා අතරට එක් වූයේ ලොව උසින් වැඩිය නිරූපිකාව ලෙසිනි.

එක්ටරීනා ලිසිනාගේ වම් පාදය සෙ.මී. 132.8 ක් වන අතර දකුණු පාදය 132.2 කි. ඇය පළඳින්නේ ප්‍රමාණය 47 වර්ගයේ සපත්තු වන අතර ඇය වෙනුවෙන් විශේෂයෙන්ම සපත්තු නිර්මාණය කෙරේ.

ගිනස් කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ, වෛද්‍යවරුන්ගේ ද සහාය සහ අධීක්ෂණය යටතේ එක්ටරීනා ලිසිනාගේ සිට යටිපතුළ තෙක් එක්ටරීනා ලිසිනාගේ පාදවල දිග මැන බැලීම සිදු කළ බවය.

එපමණක් නොව එක්ටරීනා ලිසිනා වෙනුවෙන් විශේෂයෙන් ඇඳුම් නිර්මාණය කෙරේ. මෝටර් රථවල යෑමේදීත් ගුවන් ගමන්වල යෙදෙද්දීත් එක්ටරීනා ලිසිනා ගැටලු රැසකට මුහුණ දෙන බව පැවැසෙයි. ඒ, කුඩා ආසනවල වාඩි වීමට නොහැකි හෙයිනි.

(රොයිටර්)


RECOMMEND POSTS