දැරියක වෙන්දේසි කරලා



ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරමින්, 16 හැවිරිදි සුඩාන දැරියක ළමා මනාලියක ලෙස වෙන්දේසි කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ෆේස්බුක් හරහා දැරිය වෙන්දේසියට තැබුණු අවස්ථාවේදී, ඇය වෙනුවෙන් ලංසු තැබීමට පස් දෙනෙක් ඉදිරිපත් වූහ. එම පස් දෙනාගෙන් කිහිප දෙනකු දකුණු සුඩාන රජයේ ඉහළ නිලධාරීන් යැයි පසුව හඳුනා ගැණින.
දැරිය වෙන්දේසියට තැබුවේ පසුගිය ඔක්තෝබර් 25 වැනිදාය. දැරියක ෆේස්බුක් හරහා වෙන්දේසියට තබා ඇතැයි පළමුවෙන් අනාවරණය කළේ දකුණු සුඩාන මාධ්‍යයය.

වෙන්දේසි සටහන සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයට දොස් අහන්න සිදුවිය. ෆේස්බුක් බලධාරීන් වහා ක්‍රියාත්මක වී, දැරිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබුණු සටහන සහ ඡායාරූප ඉවත් කිරීම සිදුවූයේ පසුගිය 9 වැනිදාය. එනම්, දින 15 ට පසුවය.

ඒ වනවිට දැරිය වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට ලබා දීමට දැරියගේ පියා කටයුතු කර තිබේ. සුඩාන පුවත් සේවා වාර්තා කළ අන්දමට දැරිය වෙනුවෙන්  දැරියගේ පියාට ගවයන් 500 ක්, මෝටර් රථ තුනක් සහ ඇමෙරිකන් ඩොලර් 10,000 ක මුදලක් ද හිමිවී ඇත.

බාලවයස්කාර දැරියක මනාලියක වෙන්දේසි කිරීමට නව තාක්ෂණය භාවිත කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එය මහ තිරිසන් ක්‍රියාවක් බවත් ෆේස්බුක් ජාලයේ පළ වන්නේ මොනවාදැයි ෆේස්බුක් බලධාරීන් සැමවිටම විමසිලිමත් විය යුතු බවත් ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්ලෑන් ඉන්ටර්නැෂනල් සංවිධානයේ දකුණු සුඩානයේ ප්‍රධානියා ජෝර්ජ් ඔටිම් පෙන්වා දෙයි.

මින් ඉදිරියට මෙවැනි නොහොබිනා ක්‍රියාකාරම් ෆේස්බුක් හරහා සිදු නොවීමට වගබලා ගන්නා බවත්, ෆේස්බුක් ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වන සියලු දෑ සම්බන්ධයෙන් හොඳින් සොයා බැලීමට බැය 24 පුරා න්‍රියාත්මක විශේෂ ආරක්ෂක කණ්ඩායමක් යොදවන බවත් ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මාධ්‍ය හමුවේ පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS