දරුවන්ට යදම් දාලා



දම්වැල් දමා, නිවසින් පිටවී යෑමට ඉඩ නොදී, ලොකු මහත් කළ දරුවන් 13 දෙනකු ගැන සිත් කළඹන පුවතක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පෙරිස් පළාතෙන් වාර්තා වේ.

දම්වැල් දමා නිවසේ සිරවුණු දරුවන් පිරිස අවුරුදු දෙකත් 23 ත් අතර වියෙහි පසුවන බව පැවැසෙයි.

මේ ගැන අනාවරණය වී ඇත්තේ 17 හැවිරිදි එක දැරියක නිවසින් පලා යෑමත් පසුව පොලිසියට ඇය හමුවීමත් සමඟය.

ඬේවිඞ් ඇලන් ටර්පින් නමැති 57 හැවිරිදි පියා සහ ලුවිස් ඇනා නමැති 49 හැවිරිදි මව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS