තාත්තා පොලිසි අරන් ගිහිල්ලා



වැසිකිළියක් සාදා දෙනවැයි කළ පොරොන්දුව කඩ කළැයි ඉන්දියාවේ 7 හැවිරිදි දැරියක සිය පියා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

හනීෆා සාරා නමැති මෙම දැරිය පොලිසියෙන් ඉල්ලා ඇත්තේ වැසිකිළියක් සාදා දෙනවා යැයි පොරොන්දු වූ තම පියා එසේ නොකළ බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසය.

අනෙක් තරුණියන් සහ සම වයසේ දැරියන් මෙන් තමන්ට එළිමහනේ ප්‍රසිද්ධියේ වැසිකිළි යෑමට කැමැත්තක් නොමැති බව ද හනීෆා සාරා පොලිසියට පවසා ඇත.

හනීෆා සාරා තමිල්නාඩුවේ අම්බූර් පළාතේ පදිංචි දැරියක යැයි ද පැවැසෙයි.

(ඉන්දීය පුවත් සේවා)

 


RECOMMEND POSTS