තාත්තයි පුතයි ගුරුවරයට ගහලා



කුවේටයේ අල්-අහමඩ් නගරයේ පාසලක ගුරුවරයෙක්ට පියෙක් සහ පුතෙක් පහර දී ඇති බව වාර්තා වේ.

පොලීසිය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීම සදහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දීමට කටයුතු කර ඇත.

අවට සිටි පුද්ගලයන් පහර දෙන ආකාරය වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කිරීමට කටයුතු කර ඇත.

එක් දරුවෙක් ප්‍රමාද වී ලියාපදිංචි කිරීමට පියා උත්සහ කර ඇති අතර එම උත්සහයට ගුරුවරයා දැක් වු අකමැත්ත හේතුවෙන් පහරදීම සිදු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගැනීමට පොලීසිය සමත් වී ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS