ඩිරාම් අනූ දෙදහසක් වටිනා කේක් ගෙඩිය



ලොව අතිශයින් ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝංස්’ කතා මාලාවේ කාගේත් ආදරය දිනූ ටිරියන් ලැනිස්ටර්ගේ රුව සහිත ඩිරාම් 92,000 වටිනා කේක් ගෙඩියක් නිපදවීමට ඩුබායි හි සුප්‍රසිද්ධ බේකරියක් ඉකුත්දා කටයුතු කළේය.

ඩුබායි හි සුප්‍රසිද්ධ බේකරියක් වන බ්‍රෝඩ් වේ බේකරිය විසින් මෙම අපූරු කේක් ගෙඩිය නිපදවා ඇත. ෆොන්ඩන්ට් අසියින් වලින් හැඩගන්වා තිබෙන ස්පොන්ජ් වර්ගයේ කේක් ගෙඩියකි.

බ්‍රෝඩ් වේ බේකරිය සඳහන් කර සිටින්නේ උසින් අඩි හතරක් වන මෙම කේක් ගෙඩිය කිලෝ ග්‍රෑම් 30ත් -32 ක් අතර බරැති එකක් වන අතර එය ඉතාම පහසුවෙන් පාරිභෝගිකයින් 100ත් - 120ත් අතර පිරිසකට පිළිගැන්විය හැකි බවය.

මෙම අපූරු කේක් ගෙඩිය නිපදවන ආකාරය සම්බන්ධයෙන් අපූරු වීඩියෝ පටයක් යූ ටියුබ් අන්තර් ජාල සේවාව වෙත මුදා හැරීමට එම බේකරිය අමතක නොකළේය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS