ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් දොර ඇරන් ගිහින්



ජපානයේ අධිවේගී මගී දුම්රියක් පැයට කිලෝ මීටර් 280 ක වේගයකින් ධාවන වෙද්දී, හදිසියේ එහි දොරක් විවර වී ඇතැයි ජපාන පුවත් සේවා වාර්තා කළේය.

එම අවස්ථාවේ දුම්රියේ සිටි මගීන් ගණන 340 කි. කෙසේ නමුත් දොර විවර වීමෙන් මගීන්ට කිසිදු අනතුරක් සිදුනොවුණු බව පැවැසෙයි. පිරිසුදු කරන සේවකයන්ට දොර අගුලු දැමීමට නොහැකි වූ බැවින් දොර විවර වූයේ යැයි ‘ඊස්ට් ජැපෑන් රේල්වේ’ ජපන් දුම්රිය සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

දුම්රියේ දොර විවර වී ඇති බව දුම්රිය නියාමකවරුන් දැනගෙන ඇත්තේ මිනිත්තු 15 ක් ගත වෙද්දීය. ඒ වනවිට දුම්රිය කිලෝ මීටර් 8 ක දුරක් ධාවනය වී තිබුණි.

ටෝකියෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS