ජපන් වැසියන්ට වැසිකිළි හොයා ගන්න ‘ඇප්’ එකක්



ටෝකියෝ නුවර වැසියන් වැසිකිළි ගොස් වැඩි කාලයක් වැසිකිළියේ ගත කිරීම හේතුවෙන් නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල හිස් වැසිකිළි සොයා ගැනීම ගැටලුවක් වී ඇති බවත්, ඊට පිළියමක් ලෙස ස්මාට්ර් ෆෝන් ජංගම දුරකතන හරහා නව ‘ඇප්’ එකක් හඳුන්වාදීමට ජපන් ටෙලිකොම් සමාගමක් සූදානම් වෙයි.
මෙම ‘ඇප්’ එක හරහා ප්‍රසිද්ධ ස්ථානවල හිස් වැසිකිළි ඇති තැන් සොයා ගැනීම පහසුවෙන් කළ හැකි අතර, රස්තියානු නොවී වැසිකිළියක් සොයා ගැනීමට ද කළ හැකිවෙයි. ඒ අනුව, ජපනක් වැසියන්ට ‘හදිසි අවස්ථාවකදී’ එහෙමෙහෙ දුවන්නේ නැතිව තමන්ට කිට්ටුවෙන්ම ඇති හිස් වැසිකිළිය සොයා ගැනීම කළ හැකිවනු ඇතැයි ද ‘කේ.ඩී.ඩී.අයි.’ ටෙලිකොම් සමාගම පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS