ජනප්‍රිය වෙන්න ගිහින් හිරේ



ජනප්‍රියත්වය ලබාගැනීමට වීදි දිගේ මුදල් විසි කළ ආසියාතිකයෙක් ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් විසි කරන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය කටයුතු කර ඇත. 

සමාජ ජාල මාධ්‍ය භාවිතා කරදේශීය සාරධර්ම,සංස්කෘතීන් හා සම්ප්‍රදායන්ට පටහැනි දේ කිරීමෙන් වළකින ලෙසත්, වගකීමෙන් යුතුව සමාජ ජාල මාධ්‍ය භාවිතා කරන ලෙසඩුබායි පොලිසියේ ආරක්ෂක මාධ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, කර්නල් ෆයිසාල් අල්-කාසිම් මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS