ජනපති රැම්පෝසාට අකරතැබ්බක්



‘ලොක්ඩවුන්’ තහංචි ලබන පළමු වැනිදා සිට ඉවත් කරන බව පවසමින්, දකුණු අප්‍රිකා වැසියන් සෑම දෙනකුම මුහුණු ආවරණ පැලඳිය යුතු යැයි උපදෙස් දෙමින් මාධ්‍ය හමුවේ, මුහුණු ආවරණයක් පැලඳීමට උත්සාහ ගත් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ජනපතිවරයා කෙසේ හෝ මුහුණු ආවරණය පැලඳ ගන්නා අයුරු සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශය විය. දකුණු අප්‍රිකා ඇගලුම් කර්මාන්ත ශාලා සහ වෙනත් කුඩා කර්මාන්ත ශාලා මේ වනවිටත් මුහුණු ආවරණ නිපදවීමට පියවර ගනිමින් සිටින බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝස් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

ප්‍රිටෝරියාහිදීය (රොයිටර්)

 


RECOMMEND POSTS