චන්ද්‍රිකා දෙකක් හැප්පෙන්න ගිහිල්ලා



පැයට කිලෝ මීටර් 53,000 ක වේගයකින් පෘථිවිය වටා කැරැකෙන චන්ද්‍රිකා දෙකක් ඊයේ (29) එකිනෙක ගැටෙනු ඇති බවට බියක් හට ගැණින.

චන්ද්‍රිකා දෙක එකිනෙක ගැටුණේ නම් ඒවායේ සුන්බුන් ඒවා ඇමෙරිකාවේ පිට්ස්බර්ග් නුවරට කඩා වැටීමේ අවදානමක් පැවැතිණි.

වාසනාවකට චන්ද්‍රිකා දෙක එකිනෙක අසලින් වේගයෙන් ගමන් කර ඇත්තේ දශම ගණනකින් එකිනෙක මඟ හැරෙමින් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පසුව පැවැසුවේය.

චන්ද්‍රිකා දෙක ගැටී අනතුරක් සිදුවූයේ නම්, සුන්බුන් පිට්ස්බර්ග් නුවරට වැටී මහා විනාශයක් වීමට ඉඩ තිබුණු බවත්, පිට්ස්බර්ග් නුවර වැසියන් සහ බලධාරීන් ඒ සම්බන්ධයෙන් කල්තියා දැනුවත් කළ බවත් නාසා ආයතනය වැඩි දුරටත් පවසා තිබුණි.

නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS