ගෝලීය වසංගතයකින් බේරෙන්න ස්ථාන 20 ක්



බටහිර චිත්‍රපට සහ රූපවාහිනී කතාවලට තේමා වන අයුරින් සැබැවින්ම මාරක වසංගතයක් පැතිරුණොත් මොකද වෙන්නේ ? සොම්බි චිත්‍රපට සහ රූපවාහිනී කතාවල මෙන්, ඇවිදින මළමිනී හැබෑවක් වුණොත් බේරෙන්නේ කොහොමද ? ගෝලීය මට්ටමේ මහා ව්‍යසනයක් නිර්මාණය වුවහොත්, එම වසංගතයෙන් දිවි බේරා ගැනීමට හැකිවන ස්ථාන 20 ක් හඳුනා ගැනීමට බටහිර විද්‍යාඥයන් කටයුතු කර ඇත. එම ආරක්ෂිත ස්ථාන අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය.

ගෝලීය වසංගතයකින් බේරීමට දූපත් වාසීන්ට වැඩි අවස්ථාවක් උදා වනු ඇත. ඒ, මුහුදින් වට වී තිබීම නිසා වසංගත තත්ත්වයක් දූපතට පැමිණීම වළක්වා ගැනීමට හැකියාව ඇති නිසාය. විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබූ ස්ථාන 20 පිළිවෙළින් මෙසේය.

1. ඕස්ටේ්‍රලියාව 2. නවසීලන්තය 3. අයිස්ලන්තය 4. මෝල්ටා 5. ජපානය 6. කේප් වර්ඬේ 7. බහාමාස් 8. ටි්‍රනිඩෑඞ් සහ ටොබාගෝ 9. බර්බඩෝස් 10. මැඩගස්කරය 11. කියුබාව 12. මරුසි 13. ෆීජී 14. මාලදිවයින 15. ශ්‍රී ලංකාව 16. කොමොරෝස් 17 සොලමන් දූපත් 18 ජමෙයිකාව 19 පිලිපීනය 20 වනවාටු.

වයිරසයකින්, බැක්ටීරියාවකින් හෝ දිලීරයකින් ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත්, එයින් මනුෂ්‍ය වර්ගයා විනාශ වුවහොත්, මෙම ආරක්ෂිත ස්ථානවල පදිංචි වැසියන් පමණක් නොව, පණ බේරා ගනිමින් අරක්ෂාව පතා මෙම ස්ථානවලට පැමිණෙන්නන්ට ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට හැකිවනු ඇත. ඒ, අවශ්‍ය සම්පත් සොයා ගැනීමට අපහසු නොවන බැවිනි. මෙම ස්ථාන 20 හඳුනා ගෙන ඇත්තේ ගෝලීය විද්‍යාඥයන් කණ්ඩායමක් එක් වෙමිනි. මේ සම්බන්ධයෙන් පළ වුණු විශේෂ වාර්තා ‘රික්ස් ඇනැලසිස්’ සගරාවේ දකින්න ලැබෙයි.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS