ගුවන්යානා දෙකක් හැප්පිලා



ජර්මන් සහ ඊශ්‍රායල් ගුවන්යානා දෙකක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් අන්තර්ජාතික ගුවන්තොටුපලේගුවන්පථය තුල එකට ගැටීමෙන් ගුවන්යානා දෙකේ පසුපස ප්‍රදේශවලට බරපතල හානි සිදු වී ඇති බව වාර්තා වේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර ජර්මන් ගුවන්යානයට බරපතල හානි සිදු වී ඇත.

ගුවන් මඟීන්වසිය ගමනාන්ත වෙත පිටත් කර යැවීමට ගුවන්තොටුපොල බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජර්මන් ගුවන්යානාය බර්ලිං නුවර දක්වාත් ඊශ්‍රායල ගුවන්යානය රෝමය දක්වා පියාසර කිරීමට නියමිතව තිබී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට්)


RECOMMEND POSTS