ගුවන් සේවිකාව බිමට වැටිලා



‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ගුවන් යානයේ දොර වැසීමට යද්දී, ගුවන් යානයෙන් ඇද වැටී තුවාල ලැබූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

මුම්බායි සිට නවදිල්ලි බලා පියාසර කිරීමට සූදානම් වුණු ‘ඒ.අයි. 864’ දරණ බෝයිං 777 ගුවන් යානයෙන් ඇද වැටී තුවාල ලබා ඇත්තේ 53 හැවිරිදි ගුවන් සේවිකාවකි. ඇය මෙම අකරතැබ්බට මුහුණ පා ඇත්තේ මුම්බායි ගුවන් තොටුපොළෙන් යානය පිටත් වීමට සූදානම් වෙද්දීය.

තුවාල ලැබූ ගුවන් සේවිකාව කඩිනමින් නනවාතී රෝහලට ඇතුළත් කිරීමට ගුවන්තොටුපොළ බලධාරීහු යුහුසුළු වූහ. අකරතැබ්බ සිදුවූ බව පැවැසෙන්නේ එම ගුවන් සේවිකාවගේ නොසැලකිල්ල නිසා යැයි ද සිදුකළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS