ගුවන් යානයකින් ගමන් ගත් දඩයම් කුරුල්ලෝ !



පක්ෂීන් සාමාන්‍යයෙන් ගුවනට එක්වන්නේ සිය පියාපත් සලමින් වුවත්, ඊට වෙනස් ආකාරයකට ගුවන්ගත වූ පක්ෂීන් පිරිසක් පිළිබඳ පුවතක්  පසුගියදා අන්තර්ජාලට ඔස්සේ වාර්තා විණි.

ඒ, ගුවන්යානයක මගීන් සමග එකට ගමන් කරන දඩයම් පක්ෂීන් 80 දෙනෙකු සිටින ඡායාරූපයකි.

අහමද් යසර් නම් තුර්කියේ ව්‍යාපාරිකයෙකු විසින් රෙඩිට් සමාජ ජාලයට එක් කර තිබුණු මෙම ඡායාරූපය මේ වන විට ඉතා සීඝ්‍රයෙන් අන්තර්ජාලය පුරාම පැතිර ගොස් තිබේ.

සෞදි අරාබියේ ජෙඩා නුවර වෙත ගමන් කරන එයාර්බස් ගුවන්යානයක සිදුවූ මෙම අපූරු සිද්ධියේ ඡායාරූපය, තමාගේ මිතුරෙකු වන එම යානයේ කපිතාන්වරයා තමාට එවූ බව යසර් පවසයි.

මෙම එක් කුරුල්ලෙක් ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 8,000ක් පමණ වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.


කෙසේවෙතත්, දඩයමේ නිරත වන පක්ෂීන් මෙලෙස ගුවන් යානාවල ගෙන යාම මැදපෙරදිග කලාපයේ විරල නොවන අතර, කටාර් එයාර්වේස්, ලුෆ්තන්සා, එතිහාඩ් හා එමිරේට්ස් යන ගුවන්සේවා විසින් මෙවැනි පක්ෂීන් ගෙනයාමට විවිධ පහසුකම් සිය පාරිභෝගිකයන් වෙත ලබාදේ.

 

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා ඇසුරෙනි.....


RECOMMEND POSTS